Home World News Room : බංග්ලාදේශයේ හින්දු ජාතිකයෝ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වීදි බසිති

News Room : බංග්ලාදේශයේ හින්දු ජාතිකයෝ ප්‍රචණ්ඩත්වයට එරෙහිව වීදි බසිති

0
0

බංග්ලාදේශයේ සිදුවූ විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර හිංසනයට ලක් වූ හින්දු ජාතිකයන් විශාල පිරිසක් වීදි බැස ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශෙයික් හසීනා අගමැතිධුරයෙන් ඉවත්වීම දක්වා දිග්ගැස්සී ගිය විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයන් සිය ගණනාවක් තුවාල ලබා ඇතැයි ද ඔවුන්ගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට ප්‍රහාර එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ප්‍රචණ්ඩත්වයට එරෙහිව හින්දු ජාතිකයන් පසුගිය සෙනසුරාදා බංග්ලාදේශයේ විශාලතම නගර වන ඩකා අගනුවර හා චිතගොන් නුවර දැවැන්ත විරෝධතා රැලි පැවැත්වූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්දියාවේ ඉස්ලාම් පූජකවරු විසින් බංග්ලාදේශයේ හින්දු ජාතිකයන්ට සිදුවූ හිංසනය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කරනු ලැබූ බව ද වාර්තා වේ. බංග්ලාදේශයේ ස්ථාන රැසක හින්දු කෝවිල් විරෝධතාකරුවන්ගේ පහරදීමට ලක්වී ඇති අතර, ඇතැම් හින්දු කෝවිල් ආරක්ෂා කිරීමට එරට මුස්ලිම් ජාතිකයන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here