Home World News Room : හින්දු ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කරන්නැයි බංග්ලාදේශ නව නායකයාට මෝදි...

News Room : හින්දු ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කරන්නැයි බංග්ලාදේශ නව නායකයාට මෝදි කියයි

0
0

බංග්ලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස පසුගියදා දිව්රුම් දුන් මහාචාර්ය මොහොමඩ් යූනුස්ට සුබ පතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහන් කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම එරට සුළුතර හින්දු ජාතිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට මහාචාර්යවරයා පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ඉන්දීය අගමැතිවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලාදේශය ඉක්මනින්ම යථා තත්ත්වයට පත්වීම දැකීම තම අපේක්ෂාව බවත්, සාමය, ආරක්ෂාව හා සංවර්ධනය ඉලක්ක කරමින් බංග්ලාදේශය සමඟ සමීපව කටයුතු කිරීමට ඉන්දියාව බැඳී සිටින බවත් අගමැති මෝදි එක්ස් සමාජ මාධ්‍යජාලයේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.

සති ගණනාවක් පුරා බංග්ලාදේශයේ සරසවි සිසුන් මෙහෙයවනු ලැබූ විරෝධතා හමුවේ අගමැතිනිය ශෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඉන්දියාව බලා පිටත්වීමෙන් දින දෙකකට පසු ප්‍රංශයේ සිට පැමිණි 84 හැවිරිදි මහාචාර්ය යූනුස් එරට අන්තර්වාර රජයේ නායකයා ලෙස පසුගියදා ඩකා අගනුවරදී දිව්රුම් දෙනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here