Home Sport News Room : මධ්‍යම පළාත් ටයිකොන්ඩෝ ශූරතාව මහනුවර මහාමායා බාලිකාවට

News Room : මධ්‍යම පළාත් ටයිකොන්ඩෝ ශූරතාව මහනුවර මහාමායා බාලිකාවට

3
0

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ ටයිකොන්ඩෝ සමස්ත බාලිකා ශූරතාව දිනා ගැනීමට මහනුවර මහාමායා බාලිකා විදුහල සමත් විය. දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවති මේ තරගාවලියේදී අවුරුදු 16-18 අතර වයස් කාණ්ඩය සඳහා රන් පදක්කම් දිනා ගැනීමට චමල්කා පුංචිහේවා, කේශලා ලියනාරච්චි, නදෙව්මි කොඩිතුවක්කු, සංචලා දෙහෙල්ගමුව, කේශානි ජයවර්ධන, යසස්වි රවින්ද්‍රනාත් සමත් වූ අතර, අවුරුදු 18-20 අතර වයස් කාණ්ඩයෙන් මෙත්මිනි රත්නායක, තෙනුලි පරාක්‍රම, සත්සරනි ජයවර්ධන, නදිනි මොලගොඩ රන් පදක්කම් දිනා ගත්හ. මීට අමතරව රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනා ගැනීමට කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

රනුදි වන්නිආරච්චිගේ නායකත්වයෙන් යුත් මේ කණ්ඩායමේ පුහුණුකරු ලෙස රවිමල් ගුණරත්න මහතා කටයුතු කරයි. මේ තරගාවලියේ සම අනුශූරතා නිල්දණ්ඩාහින්න සුමංගල ජාතික පාසල සහ පුෂ්පදාන බාලිකා විදුහල සතු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here