Home Sport News Room : ගුවන් හමුදාපති කුසලාන රග්බි තරඟාවලිය කොළඹ තුරඟ තරග පිටියේදී

News Room : ගුවන් හමුදාපති කුසලාන රග්බි තරඟාවලිය කොළඹ තුරඟ තරග පිටියේදී

1
0

ශ්‍රී ලංකා ක්‍රීඩා සැනකෙලිය 2024 අගෝස්තු මස 16 වැනිදා සිට 18වැනිදා දක්වා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, හොකී සහ පැසිපන්දු යන කණ්ඩායම් ක්‍රීඩා හතක් හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000කට අධික සංඛ්‍යාවක් මෙම තරගාවලිය සදහා සහභාගී වීමට නියමිතව ඇත.

ඩයලොග් ආසියාටා ආයතනයේ ප්‍රධාන අනුග්‍රහය යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සමග එක්ව මෙය සංවිධාන කරනු ලැබේ.

2024 ශ්‍රී ලංකා ක්‍රීඩා සැනකෙලියේ සුවිශේෂි තරගාවලියක් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධාන කරනු ලබන ගුවන් හමුදාපති කුසලාන රග්බි තරඟාවලිය 2024 අගෝස්තු 16 වැනිදා කොළඹ තුරඟ තරඟ පිටියේදී ආරම්භ වීමට නියමිතව ඇති අතර, එය ගුවන් හමුදා ක්‍රීඩා දින දර්ශනයේ සහ ශ්‍රී ලංකා රග්බි දින දර්ශනයේ වැදගත් ස්ථානයක් හිමිකරගත් තරගාවලියක් ලෙස සැලකේ.

මෙවර තරගාවලියට CR & FC, හැව්ලොක්ස්, CH & FC, යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, සහ පොලිස් කණ්ඩායම් ඇතුළුව ‘A’ ශ්‍රේණියේ පිරිමි ක්‍රීඩා සමාජ මෙන්ම ‘A’ ශ්‍රේණියේ කාන්තා ක්‍රීඩා සමාජ ඇතුලුව යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව යන කණ්ඩායම් සහ CR & FC කණ්ඩායමද සහභාගී වීමට නියමිතව ඇත.

මෙම තරගාවලියට පාසල් මට්ටමේ නැගී එන දක්ෂතා ඇති ක්‍රීඩකයින් පෝෂණය කිරීමේ අරමුණින් පාසල් 16න් පහළ කාණ්ඩයම්ද ඇතුළත් කර ඇති අතර, මේ වන විට පාසල් 14ක් විසින් සහභාගි වීම තහවුරු කර ඇත. මෙම පාසල් අතරට ඉසිපතන විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ජෝසප් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, සහිරා විද්‍යාලය, විද්‍යාර්ථ විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය, ඩී එස් සේනානායක විද්‍යාලය, වෙස්ලි විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය ඇතුලත් වේ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here