43
අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග 2ක් අද (12) පැවැත්වේ.
කොළඹ ආනන්ද – මහනුවර විද්‍යාර්ථ
කොළඹ ආනන්ද සහ මහනුවර විද්‍යාර්ථ විදුහල් අතර අර්ධ අවසන් පූර්ව තරගය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ආනන්ද විදුහල් පිල කිත්ම විතානපතිරණ විසින් ද, විද්‍යාර්ථ පිල ෂෙවාන් කණිසස් විසින් ද මෙහෙයවනු ලබති.
සාන්ත බෙනඩික්ට් – කොළඹ රාජකීය
කොටහේන සාන්ත බෙනඩික්ට් සහ කොළඹ රාජකීය විදුහල් අතර අර්ධ අවසන් පූර්ව තරගය කොළඹ නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිනාත් සෙනිල සාන්ත බෙනඩික්ට් පිලට නායකත්වය දෙන අතර, රෙහාන් පීරිස් රාජකීය පිලට නායකත්වය ලබාදෙයි.
ඉෂානි යද්දෙහි