25
ඉන්දුනීසියානු නිදහස් දින 79 වැනි සංවත්සරය වෙනුවෙන් ඉන්දුනීසියා තානාපතිනී දේවි ගුස්ටින් ටෝබින් මහත්මිය විසින් ප්රථම වරට සංවිධාන කරන ලද ඉන්දුනීසියානු කුසලාන බැඩ්මින්ටන් තරගාවලිය ක්රීඩා අධ්යක්ෂ ජනරාල්, මහාචාර්ය රියර් අද්මිරාල් ෂෙමාල් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන් හෝකන්දර කලල්ගොඩ එම්.ඇන්.ඒ. බැඩ්මින්ටන් ගෘහස්ථ ක්රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය.
මේ තරගාවලිය මෙරට පැවැත්වීම වෙනුවෙන් එරට තානාපතිනියට ස්තූතිය පළ කළ ක්රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා ඉන්දුනීසියාවේ සහ ශ්රී ලංකාවේ ක්රීඩකයන්ට මෙමඟින් ඉදිරියට යෑමේ හැකියාව උදාවන බව පෙන්වා දුන්නේය. බැඩ්මින්ටන් ක්රීඩාවෙන් ක්රීඩාශීලීත්වය මෙන්ම යහපත් විනයක් ගොඩනැඟෙන බැවින් එය සැබැවින්ම මිනිස් ආත්මයට සාධාරණයක් ඉටුවන අවස්ථාවක් බව හෙතෙම පෙන්වා දුන්නේය. පැරිස් ඔලිම්පික් ක්රීඩා උලෙළේ කාන්තා කේවල ලෝකඩ පදක්කම දිනා ගැනීම වෙනුවෙන් ඔහු තානාපතිනියට සහ සියලු ඉන්දුනීසියානුවන්ට සුබ පැතුම් එක් කළේය.