20
වසර 4ක කාලයක් පුරා යුරෝපා සහ අමෙරිකාව ගුවන් සීමාවේ පියාසර කිරීම තහනම් කර ඇති පාකිස්තාන ගුවන් සේවයට එම තහනම ඉවත් කරගැනීම සඳහා පාකිස්තාන ගුවන් යානා හිමිකරුවන්ගේ සහ මෙහෙයුම් නිලධාරීන්ගේ සංගමය නව රජයට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇතැයි පාකිස්තානයේ ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.
වෘත්තීයභාවයකින් තොරව ගුවන් නියමු බලපත්‍ර නිකුත් කිරීම සහ එම බලපත්‍ර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුගත නොවීම හේතුවෙන් 2020 ජුනි මාසයේ සිට මාස 6ක කාලසීමාවකට බ්‍රිතාන්‍යය ඇතුළුව යුරෝපයේ ගුවන් සීමාවට පිවිසීමට පාකිස්තාන ගුවන් සේවයට අවසර නොලැබුණු අතර, එය අඛණ්ඩව දීර්ඝ වෙමින් තිබේ. එම කාලය ඇතුළත අමෙරිකාව ද එවැනිම තහනමක් ක්‍රියාත්මක කර ඇත්තේ පාකිස්තාන ගුවන් නියමුවන්ගේ වෘත්තීයභාවය සම්බන්ධව මතු වූ ගැටලු හේතුවෙනි. නියමිත සුදුසුකම් සපුරා නැති ගුවන් නියමුවන්ට බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් එම තහනමට මුහුණ පෑමට පාකිස්තාන ගුවන් සේවයට සිදු වූ බවත්, එය නිවැරදි කිරීමට එරට ගුවන් නියමු පරීක්ෂණ නවීකරණය සහ සංශෝධනය කිරීමට අදාළව එම යෝජනාවලිය ඉදිරිපත් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.