12
සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ මුදල් ප්‍රතිපාදන යටතේ බළන්ගොඩ ක්‍රීඩා සමාජ වෙත ක්‍රීඩා උපකරණ බෙදා දීම ආණ්ඩුකාර තරුණ කටයුතු සම්බන්ධීකරණ ලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ බළන්ගොඩ ආසන සංවිධායක ලසන්ත විජේරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
බළන්ගොඩ මිලේනියමි ක්‍රීඩා සමාජය, එකමුතු ක්‍රීඩා සමාජය, පෙට්ටිගල ක්‍රීඩා සමාජය, නිව් රෙන්ජර් ක්‍රීඩා සමාජය සහ උඩගම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩකයෝ රැසක් පැමිණ මේ ක්‍රීඩා උපකරණ ලබා ගත්හ.
මෙහි දෙවැනි අදියර යටතේ තවත් ක්‍රීඩා උපකරණ බළන්ගොඩ ආසනයේ ඇති සෙසු ලියාපදිංචි ක්‍රීඩා සමාජ වෙත බෙදා දීම ඉදිරියේදී සිදු කෙරෙන බව ලසන්ත විජේරිය මහතා මෙහිදී පැවසීය.
බළන්ගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන