Home World News Room : ජන­රජ දින­යට පෙර ඉම්රාන්ගේ පාර්ශ්ව­යෙන් විරෝ­ධතා රැලි­යක්

News Room : ජන­රජ දින­යට පෙර ඉම්රාන්ගේ පාර්ශ්ව­යෙන් විරෝ­ධතා රැලි­යක්

0
0

මේ මස 23 වැනි­දාට යෙදෙන පාකි­ස්තාන ජන­රජ දින­යට පෙර ඉස්ලා­මා­බාද් අග­නු­වර දැවැන්ත විරෝ­ධතා රැස්වී­මක් පව­ත්වන බව ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ප්‍රාන්ත අග­නු­ව­රදී රැස්වී­ම­කට එක් වූ එම පක්ෂයේ නායක ශෙර් අෆ්සාල් මර්වාට් මේ බව සඳ­හන් කර ඇති අතර, පසු­ගි­යදා පැවැති මහ­මැ­ති­ව­ර­ණ­යේදී සිදු වූ ඡන්ද දූෂ­ණය සහ පක්ෂ සභා­පති ඉම්රාන් ඛාන් සිර­ගත කර තැබී­මට එරෙ­හිව එම විරෝ­ධතා රැස්වීම පව­ත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම රැස්වීම පැවැ­ත්වීම සඳහා ඉස්ලා­මා­බාද් නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­ර­යා­ගෙන් අව­සර ලබා­ගැ­නී­මට කට­යුතු යොදා ඇතැයි ද, ඔහු එම ඉල්ලීම ප්‍රති­ක්ෂේප කරන්නේ නම් මහා­ධි­ක­ර­ණ­යට යන බව ද ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ නාය­කයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට අනුව සාම­කාමී විරෝ­ධ­තා­වක් පැවැ­ත්විම සිය අයි­ති­වා­සි­කම බව ද ඔහු සඳ­හන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here