Home Sport News Room : චෙන්නායි පිලේ නායක දෝනි යාප­න­යෙන් ක්‍රීඩ­ක­යකු උස්සයි

News Room : චෙන්නායි පිලේ නායක දෝනි යාප­න­යෙන් ක්‍රීඩ­ක­යකු උස්සයි

0
0

යාප­නයේ 17 හැවි­දිරි පාසල් ක්‍රිකට් ක්‍රීඩ­ක­ය­කුට මෙවර අයි­පී­එල් තර­ගා­ව­ලි­යේදී චෙන්නායි සුපර් කිංග්ස් පිලේ දැල් තුළ පුහු­ණු­වීම් සඳහා පන්දු යවන ක්‍රීඩ­ක­යකු (Net Bowler)ලෙස කට­යුතු කිරීමේ අව­ස්ථා­වක් ලැබී ඇතැයි වාර්තා වේ. යාප­නයේ සාන්ත ජෝන් විදු­හල් පිලේ පළ­මු­පෙළ කණ්ඩා­යමේ වේග­පන්දු යව­න්නකු වන කුග­දාස් මාදු­ලන් පසු­ගි­යදා පැවති යාප­නයේ මැදි විදු­හල සහ සාන්ත ජෝන් විදු­හල අතර ‘උතුරු සටන’ පාසල් මහා ක්‍රිකට් තර­ග­යේදී විස්මිත යෝකර් පන්දු­ව­කින් ප්‍රති­වාදී පිති­ක­රු­වාගේ කඩුල්ල බිඳ දැමීමේ වීඩියෝ පටය සමාජ මාධ්‍ය­ජා­ලය තුළ දැකී­මෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි දැඩි විම­ති­යට පත් වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පිලේ හිටපු වේග­පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිං­ගගේ පන්දු යැවීමේ ඉරි­යව් හා සමාන ඉරි­යව් ඇති මාදු­ලන්ගේ පන්දු යැවීම වැඩි­දු­ර­ටත් නිරී­ක්ෂ­ණය කිරී­මට සහ ඔහු චෙන්නායි සුපර් කිංග්ස් පිලේ දැල් තුළ පුහු­ණු­වීම් සඳහා පන්දු යවන ක්‍රීඩ­ක­යකු ලෙස තෝරා ගැනීම දෝනිගේ ඉල්ලීම මත සිදු වූවාක් බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා පිලේ යොවුන් වේග­පන්දු යවන්නා වන මතීෂ පති­රණ ද චෙන්නායි පිලට ඇතු­ළත් කර­ගනු ලැබුවේ දෝනිගේ ඉල්ලීම පරි­දිය.

කුග­දාස් මාදු­ලන් මේ වන විට චෙන්නායි නුව­රට ගොස් සිටින බවත්, ඔහු ඉදිරි දින­ව­ලදී චෙන්නායි පිලේ පිති­ක­රු­වන්ට පුහු­ණු­වී­ම්ව­ලදී පන්දු යැවී­මට නිය­මිත බවත් ඉන්දීය මාධ්‍ය සඳ­හන් කළේය.

අයි­පී­එල් කුස­ලා­න­යට පස්ව­තා­වක් හිමි­කම් කියන චෙන්නායි සුපර් කිංග්ස් පිල මෙව­රත් දෝනිගේ නාය­ක­ත්ව­යෙන් තරග බිමට පිවි­සෙන අතර, ලබන 22 වැනිදා තර­ගා­ව­ලි­යට ආරම්භ වීමට නිය­මි­තය.

ෆවුස් මොහො­මඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here