13
බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමිතාබ් භච්චන් ඊයේ රෝහල්ගත කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. 81 හැවිරිදි භච්චන් මුම්බායි නුවර කෝකිලබෙන් රෝහලට ඇතුළත් කර ඇතැයි ද, ඔහුට සැත්කමක් සිදු කිරීමට නියමිතව තිබූ බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වුවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිල වශයෙන් කිසිදු තොරතුරක් වාර්තා නොවූ බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.