43
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර මහා ක්‍රිකට් තරගය අද (15) ආරම්භ විය.
මෙම පාසල් දෙක අතර ක්‍රිකට් තරඟය ලංකාවේ සයවැනියට පැරණි පාසල් ක්‍රිකට් තරඟය ලෙස සැලකෙයි.
105 වැනි වරට පැවැත්වෙන මෙම තරඟය අස්ගිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
හිල් කන්ට්‍රි බැට්ල් ඔෆ් ද බ්ලූස් නමින් හැඳින්වෙන මෙම මහා තරගය 1914 වසරේ සිට කඳුකරයේ වැඩිම අවධානයක් යොමු කළ මහා තරගයකි.
මෙම තරගය 1914 බෝගම්බර පිටියේදී පැවැත්වුණේ ත්‍රිත්ව විද්‍යාලයේ සී.ඊ.ද සිල්වා ප්‍රමුඛව සහ සී.සී.සේනාරත්න ප්‍රමුඛ අන්තෝනියන් පිල ලකුණු 42කින් ජය ගත්තේය