143
ඉන්දීය ජනාධිපති ඩ්රව්පති මුර්මු පළමු වරට මුරුසියේ සංචාරයක නිරත වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. මුර්මුගේ තුන් දින සංචාරයේදී ඇය මුරුසියේ ජාතික දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වනු ඇතැයි ද, වසර 2000 සිට එරට ජාතික දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය ජනාධිපතිවරයකු සහභාගි වන 6 වැනි අවස්ථාව ලෙසත් එය වාර්තාපොතට ඇතුළත් වනු ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන 65 හැවිරිදි මුර්මු ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස 2022 වසරේදී තෝරාගත් අතර, ඇය එරට ගෝත්‍රික ප්‍රජාව අතුරින් රටේ ඉහළම පුටුවේ අසුන්ගත් පළමුවැන්නා ලෙසත් වාර්තා පොතට එක්වූවාය. ඉන්දීය ජනාධිපති මුරුසියේ සංචාරයක නිරතවීම වැදගත් සිදුවීමක් ලෙස සැලකෙන අතර, ඇය සිය සංචාරය අතරතුර ඉන්දියාව සහ මුරුසිය අතර සිදු වන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ද විවෘත කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.