Home World News Room : අමෙරිකාවේ ටික්ටොක් තහනමට නව පනතක්

News Room : අමෙරිකාවේ ටික්ටොක් තහනමට නව පනතක්

1
0

ලොව පුරා තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය ‘ටික්ටොක්‘ සමාජ මාධ්‍ය ජාලය රට පුරා තහනම් කිරිමට හැකියාව ඇති පනතක් අමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කරගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනයේ බයිට්ඩාන්ස් සමාගම සතු එම සමාජ මාධ්‍ය ජාලයේ කොටස් විකුණා දැමීමට මාස 6ක කාලයක් ලබාදීමට සහ එසේ නොවන්නේ නම් අමෙරිකාවේ ටික්ටොක් තහනම් කිරීමට එම පනත මඟින් කටයුතු කළ හැකි බව ද වාර්තා වේ.

අදාළ පනතට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම ඒකමතිකව සම්මත කර ඇති අතර, ජනාධිපතිවරයා විසින් එය නීතිගත කිරීමට පෙර සෙනෙට් සභාවේ අනුමැතිය ද ලැබිය යුතු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. විදේශීය මැදිහත් වීම් තුළින් අමෙරිකාවට එල්ල වන තර්ජන වළක්වා ගැනීමේ පනත ලෙස නම් කර ඇති අතර, එය සම්මත කරගැනීමට හේතු වී ඇත්තේ එරට ටික්ටොක් භාවිත කරන මිලියන 150කට අධික පිරිසකගේ දත්ත ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ චීන රජය ලබාගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ලද බුද්ධි තොරතුරුවලට අනුව බව ද වාර්තා වේ. සෙනෙට් සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු තමා වෙත ලැබුණු සැණින් එම පනතේ අනුමැතියට අත්සන් කරන බවට ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

The post අමෙරිකාවේ ටික්ටොක් තහනමට නව පනතක් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here