146
මීළඟ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත් වුව ද, චීන-ඇමරිකානු දෙපාර්ශ්වයට මෙන්ම ලෝකයට වඩා යහපතක් ඉටු වනු ඇතැයි බලාපොරොත්තු වන බව චීනය කියාසිටී.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වන බවට වාර්තා පළ වී ඇත. චීන විදේශ අමාත්‍යාංශයේ ඊයේ (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව නැගුණු පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් ඉහත අදහස් පළකළේය.
අමෙරිකාවේ ජනාධිපතිවරණය එරට අභ්‍යන්තර කටයුත්තක් වන අතර, වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම චීනයේ පිළිවෙත නොවන බව ද හෙතෙම පැවසීය.
අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස කවුරුන් තේරී පත් වුව ද, අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය සහ පොදු ජයග්‍රහණ සහිත සහයෝගීතාව යන මූලධර්මවලට අනුකූලව දෙරට සබඳතාව ස්ථාවර, යහපත් සහ තිරසර දිශාවකට යොමුකරනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද වං වෙන්බින් කියාසිටියේය.