Home World News Room : පියා ජනපති දියණිය අර්යාව – දිනමිණ

News Room : පියා ජනපති දියණිය අර්යාව – දිනමිණ

2
0

සිය දියණිය අසීෆා භූතෝ ජනපති ආර්යාව ලෙස නම් කරන බව පාකිස්තානයේ නව ජනාධිපති අසීෆ් අලි සර්දාරි නිවේදනයක් නිකුත් කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තානයේ නේෂන් පුවත් සේවය සඳහන් කරන්නේ ජනපති ආර්යාවට හිමිවන සියලු වරප්‍රසාද සිය දියණියට ලබාදීමේ අරමුණින් ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇති බවය. ජනපති ආර්යාව ලෙස දියණිය නම් කිරීමේ සිදුවීමක් පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ වාර්තා වන්නේ පළමු වතාවටය. අසීෆ් අලි සර්දාරිගේ බිරිය වන පාකිස්තානයේ හිටපු අගමැතිනිය බෙනාසිර් භූතෝ 2007 වසරේ දෙසැම්බරයේ රාවල්පිණ්ඩි නුවරදී ඝාතනයට ලක්වීමෙන් පසු ඔහු වෙනත් විවාහයක් සිදු කර නොගත් අතර, සිය දියණියන් දෙදෙනා සහ පුත්‍රයා වෙනුවෙන් ජීවිතය කැප කරන බව ප්‍රකාශ කර තිබිණි.

පාකිස්තාන මහජන පක්ෂයේ සම සහාපති වන ඔහුගේ පුත්‍රයා 35 හැවිරිදි බිල්වාල් භූතෝ පසුගිය රජයේ හිටපු විදේශ ඇමැතිවරයා වේ. සර්දාරිගේ වැඩිමල් දියණිය 34 හැවිරිදි බක්තාවර් භූතෝ එරට සුබසාධන කටයුතුවල නිරතව සිටින අතර, ජනපති ආර්යාව ලෙස නම් කරනු ලැබු බාල දියණිය 31 හැවිරිදි අසීෆා සිය පියා සමඟ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here