16
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවැති ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානලාභියා නිවේදනය කිරීමට සුපිරි මල්ලවපොර ක්‍රීඩක ජෝන් සිනා නිරුවතින් පැමිණීම ලොව පුරා අවධානයට ලක් වී තිබේ. පසුගියදා 96 වැනි වරට පැවැති ඔස්කාර් සම්මාන උලෙළේ වේදිකාවට ඔහු ගොඩ වී ඇත්තේ උපන් ඇඳුමින් වන අතර, පසුව නිවේදකයා අත තිබූ සම්මානලාභියාගේ නම ඇතුළත් විශාල කවරයකින් විලි වසාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වේ. පසුව තරග සංවිධායකවරුන් පැමිණ ජෝන් සිනාට ඇඳුමක් අන්දවන ආකාරයත්, පසුව ඔහු සම්මානලාභියා නිවේදනය කරන ආකාරයත් එම වීඩියෝ පටයේ වැඩිදුරටත් දැක්වෙයි.
සම්මාන උලෙළට පැමිණ සිටි ආරාධිතයන් සහ නළු නිළියන් විනෝදය සඳහා එය කලින් සැලසුම් කර තිබූ බව ද වාර්තා වේ.