15
කොළඹ රාජකීය – ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් අතර 145 වැනි වරටත් පැවති ‘නිල් මහ හටන’ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි. කාසිය වාසිය දිනූ රාජකීය පිල පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ හෙයින් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 297ක් ලබා ගත්හ. කොළඹ රාජකීය විදුහල කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස් කර ඉනිම අත්හිටුවූ අතර, සාන්ත තෝමස් පිල දෙවැනි ඉනිමේදී කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස් කර ගෙන සිටියදී තරගය නවතා දැමිණි.
සාන්ත තෝමස් විදුහලේ දිනෙත් ගුණවර්ධන ඉනිම දෙකේදීම අර්ධ ශතක 2ක් ලබා වාර්තා පොත් අතරට ගියේය. සාන්ත තෝමස් පිලේ නායක මහීත් පෙරේරා, සදෙව් සොයිසා හා රාජකීය ක්‍රිකට් නායක සිනෙත් ජයවර්ධන අර්ධ ශතක එක් කළහ. මේ මහා තරගයේ පසුගිය වසරේදී කොළඹ රාජකීය විදුහල ශූරතාව දිනා ගත්තේය.
රාජකීය ආදි සිසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජකීය – සාන්ත තෝමස් ක්‍රීඩකයන් දිරි ගැන්වූ අතර, ක්‍රීඩාංගණය අසලට පැමිණ සිසුන් සමඟ කතාබහක නිරත වූහ. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා පැරණි මිතුරන් සමඟ ගී ගයමින් විනෝද වනු දක්නට ලැබිණි. පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
සාන්ත තෝමස් පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 297 (ඕවර 88.2) සේනාධි බුලන්කුලම 13, සදෙව් සොයිසා 83, දිනෙත් ගුණවර්ධන 50, මහීත් පෙරේරා 36, චනුත් ඇහැලියගොඩ 16, ආකාෂ් ප්‍රනාන්දු 29, නාතන් කල්දේරා 44, අතිරේක 15 (රනුක මලවිආරච්චි 51/1, රමිරු පෙරේරා 55/4, සිනෙත් ජයවර්ධන 68/4, නෙත්වින් ධර්මරත්න 15/1)
රාජකීය පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 278 (ඕවර 102.2) ඔවින අඹන්පොළ 36, සිනෙත් ජයවර්ධන 92, රමිරු පෙරේරා 23, දිනුර සේනාරත්න 33, නෙත්වින් ධර්මරත්න 41, බුලාන් වීරතුංග 16, අතිරේක 26 (අශේන් පෙරේරා 74/5, ඩැරියන් ඩියාගෝ 40/2, ආකාෂ් ප්‍රනාන්දු 30/1, නාතන් කල්දේරා 45/1)
සාන්ත තෝමස් දෙවැනි ඉනිම කඩුලු 4කට ලකුණු 229 (ඕවර 86) සදෙව් සොයිසා 33, දිනෙත් ගුණවර්ධන 74, මහීත් පෙරේරා 63, චනුත් ඇහැලියගොඩ නොදැවී 31, නාතන් කල්දේරා නොදැවී 20 (රමිරු පෙරේරා 87/2, සිනෙත් ජයවර්ධන 57/1, බුලාන් වීරතුංග 10/1)
ප්‍රින්ස් ගුණසේකර