2
යුද්ධයකට මැදි වී සිටින රුසියාවේ රැකියා අවස්ථා ලබා දෙන බව කියමින් ඉන්දීය ජාතිකයන් රුසියාවට යවනු ලබන මිනිස් ජාවාරමක් අනාවරණය කර ගැනීමට ඉන්දීය මධ්‍යම විමර්ශන ඒජන්සිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අතිවිශාල මුදලකට එම රැකියා අවස්ථා සපයන බවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ ජනතාව නොමඟ යවමින් විවිධ දැන්වීම් පළ කර ඇති තැරව්කරුවන් එරට ප්‍රාන්ත රැසකින් දැනටමත් පුද්ගලයන් 35 දෙනකු රුසියාවට පිටත් කර ඇතැයි ද හෙළි වී තිබේ.
ඉන්දීය මධ්‍යම විමර්ශන ඒජන්සිය එම ජාවාරම අනාවරණය කරගෙන ඇත්තේ එසේ මුළා වූ ඉන්දීය ජාතිකයන් දෙදෙනකු පසුගියදා රුසියාවට යමින් සිටියදී යුද්ධයට මැදි වී මිය යෑමේ සිදුවිමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දීය රුපියල් එක්ලක්ෂ පනස්දහසක මාසික වැටුපක් ලබාදෙන බවට තැරව්කරුවන් විසින් මුළා කරනු ලැබූ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අයත් පුද්ගලයකු මොස්කව් නුවර සිට ප්‍රකාශ කර ඇත.
ඉන්දීය මධ්‍යම විමර්ශන ඒජන්සියේ නිලධාරීන් පසුගියදා නවදිල්ලි සහ මුම්බායි නගරවල ස්ථාන 13ක් පමණ වටලා ඇති අතර, එහිදී එරට මුදලින් රුපියල් මිලියන 5ක මුදලක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.