10
මොරටු පුරවරයේ ප්‍රධානතම පාසල් ද්විත්වය වන වේල්ස් කුමර විදුහල සහ සාන්ත සෙබස්තියන් විදුහල අතර 74 වැනි වරට පැවැත්වෙන ‘මොරටු රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (8) සහ හෙට (9) දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර තරගයේදී වේල්ස් කුමර පිල අචල පෙරේරා මෙහෙයවන අතර, මනුජ චන්තුකගේ නායකත්වයෙන් සාන්ත සෙබස්තියන් කණ්ඩායම තරග වදියි.
වසර 1933දී ආරම්භ වී මේ දක්වා පැවති තරග 73 අතුරින් විසඳුමක් සහිතව නිමා වී ඇත්තේ තරග 9ක් පමණි. ඉන් තරග 6ක ජය තහවුරු කර ගනිමින් වැඩි ගෞරව අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත්ව ඇති අතර, සාන්ත සෙබස්තියන් පිල තරග 3ක් ජය ගෙන තිබේ. ජය පරාජයෙන් තොරව නිමා වී ඇති තරග සංඛ්‍යාව 64කි.
මෙම තරගය අවසන් වරට 2011 වසරේදී විසඳුමක් සහිතව නිමා වී ඇති අතර, එවර ජය සාන්ත සෙබස්තියන් පිල සතුවී ඇත. වේල්ස් කුමර අවසන් ජය සටහන්ව ඇත්තේ 1977 වසරේදීය.
මෙවර පාසල් තරග වාරයේ තරග 13ක් ක්‍රීඩා කළ වේල්ස් කුමර පිල ජයග්‍රහණ 3ක් හිමි කර ගෙන ඇති අතර, ජය පරාජයෙන් තොර තරග 8ක් සහ පරාජයන් 2ක් හිමි කර ගෙන සිටියි.
දකුණත් පිතිකරු ඔෂාන් ද සිල්වා වේල්ස් කුමර විදුහලේ වැඩිම ලකුණුලාභියා වන අතර, මෙවර තරග වාරයේ ද්විත්ව ශතකයක් ද රැස් කළ ඔහු තරග 13කදී ලකුණු 746ක් රැස් කිරීමට සමත්ව ඇත.
සුවහස් ප්‍රනාන්දු තරග 13කදී ශතකයක් සමඟ ලකුණු 575ක්, රිවින් ජයසූරිය ලකුණු 500ක් රැස් කර ඇති අතර, ඔහු කඩුලු 14ක් දවාගැනීමට ද සමත්ව තිබේ.
කඩුලුලාභීන් අතර පෙරමුණ ගෙන සිටින තුන් ඉරියව් ක්‍රීඩක නායක අචල පෙරේරා කඩුලු 62ක් දවාගෙන ඇති අතර, ලකුණු 237ක් ද රැස් කර ඇත. ලකුණු 358ක් රැස් කර ඇති උනෙත් පීරිස් කඩුලු 27ක් දවාගෙන තිබේ.
මෙවර තරග වාරයේ තරග 13ක් ක්‍රීඩා කර ඇති සාන්ත සෙබස්තියන් පිල ඉන් තරග 6ක් ජයගෙන ඇති අතර, තරග 6ක් ජය පරාජයෙන් තොරව ද තරගයක් පරාජය වීමෙන් ද නිමා වී තිබේ.
විමත් දින්සර පිතිකරුවන් අතර ඉදිරියෙන් පසුවන්නේ තරග 13කදී ශතක දෙකක් සහ අර්ධ ශතක 3ක් සමඟ ලකුණු 723ක් රැස් කරමිනි. උෂේන් සිල්වා ලකුණු 507ක්, නවෝද් ප්‍රනාන්දු ලකුණු 406ක් රැස් කර සිටිති.
නායක මනුජ චන්තුක කඩුලු 84ක් බිඳ දමමින් පන්දු යවන්නන් අතර ඉදිරියෙන් පසු වන අතර, තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ඔහු ලකුණු 316ක් ද රැස් කර තිබේ. මලින්ත සිල්වා කඩුලු 45ක් දවා ගැනීමට සමත්ව ඇත.
දෙදින තරගයට සමඟාමීව පැවැත්වෙන 39 වැනි එක්දින තරගය ඉරිදා (10) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදීත්, 2 වැනි විස්සයි20 තරගය 17 වැනිදා මොරටුව ද සොයියා ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය.
සාන්ත සෙබස්තියන් කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට) – කැලුම් පෙරේරා (අභ්‍යාසක), සදරු තරුෂ (ක්‍රිකට් භාර ආචාර්ය), දිලුෂ චාමර පියතුමා (ක්‍රීඩා භාර ආචාර්ය), මනුජ චන්තුක (නායක), දයා දර්ශන පියතුමා (විදුහල්පති), විමත් දින්සර (උපනායක), කනිෂ්ක පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), බ්‍රැඩ්මන් එදිරිවීර (ප්‍රධාන පුහුණුකරු), කසුන් මාලින්ද (සහාය පුහුණුකරු), මැද පෙළ (වමේ සිට)- තරිඳු දිලංක, ලෂේන් ප්‍රනාන්දු, මලින්ත සිල්වා, ශිෆාන් ප්‍රනාන්දු, අදීශ් අල්මේදා, නවෝද් ප්‍රනාන්දු, නිරිඳු සිල්වා, උෂේන් සිල්වා, ජනක සිල්වා, සඳිනු කන්දගේ, ආකාශ් දිසානායක, දිනෙත් මල්ලවාරච්චි, කොශේන්ද්‍ර ප්‍රනාන්දු, යශින් ප්‍රනාන්දු, රයන් දිසානායක, ශෙනන් ද සිල්වා, ධනුක ප්‍රනාන්දු, නදීශ් ප්‍රනාන්දු.
නිරෝෂාන් ප්‍රියංකර