19
අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකිමේ ක්ලිෆර්ඩ් කුසලාන රග්බි අවසන් මහා තරගය පොලිස් ක්රීඩා සමාජය සහ හැව්ලොක් ක්රීඩා සමාජය අතර හෙට (9) පස්වරුවේ කොළඹ තුරඟ තරග පිටියේදි පැවැත්වේ. පසුගියදා පැවති පළමු අවසන් පූර්ව වටයේදී මෙවර ලීග් රග්බි කිරුළ දිනූ සීආර් ඇන්ඩ් එෆ්සී ක්රීඩා සමාජයට එරෙහිව ලකුණු 40-16ක පෙරළිකාර ජයක් ලබමින් පොලිස් පිල අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර දෙවැනි අවසන් පූර්ව තරගයේදී ලකුණු 37-27කින් සීඑච් ඇන්ඩ් එෆ්සී ක්රීඩා සමාජය පරාජය කරමින් හැව්ලොක් පිල අවසන් තරගයට සුදුසුකම් ලැබුවේය.
පොලිස් ක්රීඩා සමාජය ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ වසර 9කට පසුවය. ඊට පෙර අවසන් වරට 2015දී නිත්තවෙල පැවැති ක්ලිෆර්ඩ් කුසලාන අවසන් මහා තරගයට එක් වූ පොලිස් පිල එහිදී මහනුවර ක්රීඩා සමාජය හමුවේ ලකුණු 77-7ක දැවැන්ත පරාජයක් අත්කර ගත්තේය.
වසර 2019දී අවසන් වරට ක්ලිෆර්ඩ් කුසලාන අවසන් මහා තරගයකට ක්රීඩා කළ හැව්ලොක් පිල එහිදී ලකුණු 40-21කින් ගුවන් හමුදා ක්රීඩා සමාජය පරාජය කරමින් කුසලානය දිනා ගත්තේය. පොලිස් ක්රීඩා සමාජය අවසන් වරට ක්ලිෆර්ඩ් කුසලානය ජයගත්තේ 1991දී වන අතර අවසන් වරට පසුගිය වසරේ පැවති තරගාවලියේ කුසලානය දිනා ගනු ලැබුවේ සීආර් කණ්ඩායම විසිනි.
ෆවුස් මොහොමඩ්