15
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව පැවති ගුවන් හමුදා පාපැදි සවාරියේ අවසන් අදියර ජය ගැනීමට පොලිස් ක්රීඩා සමාජයේ ශෙහාල් චමෝද් සමත් විය. වව්නියාවේ සිට යාපනය දක්වා පැවති මේ අදියරේ දෙවැනි තැන ඉන්දීය ගුවන් හමුදා ක්රීඩක ක්රිෂ්ණා නායකොඩි සතු වූ අතර, තෙවැනි ස්ථානය යුද හමුදාවේ පසිඳු තිසේරා සමත් විය. මේ තරගයට සමඟාමීව ඊයේ පැවති කාන්තා තරගය ජය ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාවේ ඈන් පෙරේරා සමත් වූ අතර, දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් දිනේෂා දිල්රුක්ෂි (ගුවන්) සහ මධුමාලි ප්රනාන්දු (යුද) සමත් වූහ.