17
පාඩුව ඩොලර් මිලියන 100ක් බවට වාර්තාවක්
ෆේස්බුක්- ඉන්ස්ටර්ග්‍රෑම් මැසෙන්ජර් බිඳ වැටීම ඉලෝන් මස්ක් විහිළුවට ගනී
ලෝක ධනපතියන් අතර මුල්පෙළේ සිටින මාර්ක් සකර්බර්ග් හිමිකාරීත්වය දරණ මෙටා සමාගම සතු ‘ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ මැසෙන්ජර් සමාජ මාධ්‍යජාලා ත්‍රිත්වයම පෙරේදා රාත්‍රී එකවර අක්‍රීය වීම හේතුවෙන් එම සමාගමට ඩොලර් මිලියන 100ක පාඩුවක් විඳ දරා ගැනීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥවරුන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා රාත්‍රී පැය දෙකක කාලයක් එම සමාජ මාධ්‍යජාලා අක්‍රිය වූ අතර, මෙටා සමාගමේ සමාජ මාධ්‍යජාලා ත්‍රිත්වයම එක්වර අක්‍රිය වූ පළමු අවස්ථාව එය බව ද වාර්තා වේ. එම සමාජ මාධ්‍යජාලයේ දැන්විම් හරහා අතිවිශාල මුදල් කන්දරාවක් උපයා ගන්නා සකර්බර්ග් එම පාඩුව කඩිනමින් පිරිමසා ගනු ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. එම අනපේක්ෂිත බිඳ වැටීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළේ මෙටා සමාගමේ කොටස් ද 1.6% කින් පහත වැටී ඇතැයි ද වාර්තා වේ. සිය සමාජ මාධ්‍යජාලා බිඳ වැටීමට හේතුව තාක්ෂණික දෝෂයක් බව සකර්බර්ග් ප්‍රකාශ කර ඇත.
පැය දෙකක කාලයක් ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ මැසෙන්ජර් සමාජ මාධ්‍යජාලා බිඳ වැටීමෙන් පසු මෙටා සමාගමේ තරගකාරී සමාජ මාධ්‍යජාලය වන ‘එක්ස්‘ (ට්විටර්) පරිශීලනය කළ ග්රාහකයන් පිරිස මිලියන ගණනාවකින් වර්ධනය වූ බව ද වාර්තා වේ.
සිය සමාජ මාධ්‍යජාලා බිඳ වැටීමට හේතුව සොයාගත් බවත්, එය ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවත් එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ මාර්ක් සකර්බර්ග් සහ මෙටා සමාගමේ මාධ්‍ය ප්‍රකාශකයකු වන ඇන්ඩි ස්ටෝන් සටහන් තැබූ අතර, එක්ස් සමාජ මාධ්‍යජාලයේ හිමිකරු වන ලෝක ධනපතියන් අතර මුල්පෙළ සිටින එලෝන් මස්ක් එම සටහන්වලට හාස්‍ය දනවනසුලු ප්‍රතිචාර දැක්වීම වැඩි අවධානයට යොමු වි තිබිණි.