Home World News Room : පාකිස්තාන මැතිවරණයේ ඡන්ද දූෂණය තහවුරු කෙරෙන හඬපට දෙකක් පිටවෙලා

News Room : පාකිස්තාන මැතිවරණයේ ඡන්ද දූෂණය තහවුරු කෙරෙන හඬපට දෙකක් පිටවෙලා

0
0

පාකිස්තානයේ පසුගියදා පැවැති මහමැතිවරණයේ ඡන්ද අක්‍රමිකතා සිදු වූ බව තහවුරු කෙරෙන හඬපට දෙකක් ප්‍රසිද්ධියට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය මැතිවරණය දූෂිත බවට හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඇතුළු ඔහුගේ ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂ නියෝජිතයන් කළ චෝදනාවලට සාක්ෂියක් බවට ද පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම හඬපට පසුගියදා සමාජ මාධ්‍යජාලයේ ආන්දෝලනයකට තුඩු දුන් බවත්, ඒ පිළිබඳ හවුල් රජයේ පක්ෂ නියෝජිතයන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

සින්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන හවුල් රජයට එක් වී සිටින පාකිස්තාන මුතාහිඩා කවුමි ව්‍යාපාරය නමැති සුළුතර පක්ෂයේ කමරන් ටෙසෝරි ඉන් එක් හඬපටයකින් ‘අපගේ ඡන්ද ප්‍රමාණය 100%ක්ම ව්‍යාජ බව ඔවුන් කියනවා‘ යනුවෙන් යමකුට පවසන අයුරු ද, ‘අපට අවශ්‍ය ප්‍රමාණයට ඡන්ද ලැබිලා නෑ‘ යනුවෙන් පවසන අයුරු ද පටිගත වී ඇතැයි වාර්තා වේ. අනික් හඬපටයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කැඳවුම්කරු මුස්ටෆා කමල් ‘අපි නවාස් ෂරිෆ් පාර්ශ්වයේ නියෝජිතයන් මුණගැසුණා. අපේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය ව්‍යාජ නිසා ඔවුන් හා බිල්වාල් භූතෝගේ පක්ෂය සමඟ එක්ව හවුල් රජයක් පිහිටුවීමට සහාය දෙන්න කියනවා.‘ යනුවෙන් යමකුට ප්‍රකාශ කරන අයුරු පටිගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here