Home Sport News Room : පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හමුදා පුහුණුවක්

News Room : පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට හමුදා පුහුණුවක්

3
0

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ව, එරට යුද හමුදාව මඟින් මෙහෙයවන විශේෂ පුහුණු කඳවුරකට සහභාගි කරවීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇත.

මෙය කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව නඟා සිටුවීම සඳහා වන උපක්‍රමයක් බව එරට ක්‍රිකට් මණ්ඩලය සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එළඹෙන, මාර්තු 25 වැනිදා සිට අප්‍රේල් 8 දක්වා මෙම පුහුණු කඳවුර පවත්වනු ලබන අතර, පාකිස්ථාන පිලේ ඉදිරි තරග සංචාර සහ ලෝක කුසලානය ඊට ඉලක්ක කරගෙන තිබේ.

එසේම මෑතකදී,පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂක මොහොමඩ් හෆීස් ද ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය විවේචනය කර තිබුණි.

කෙසේ නමුත් මෙම පුහුණු කඳවුරු කාලසීමාව රාමසාන් මාසයේ දෙවන භාගය තුළ පැවැත්වෙන අතර, බොහෝ පාකිස්තානුවන් රැකියාවට වඩා පවුලේ සහ ආගමික කටයුතුවලට ප්‍රමුඛත්වය දෙන ආගමික වතාවත්වල නිරත කාල පරිච්ඡේදයක් ලෙස සැලකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here