Home World News Room : සීඝ්‍රයෙන් පැතිර යන කුහුඹු විශේෂයක් නිසා සෞඛ්‍ය අවදානමක්

News Room : සීඝ්‍රයෙන් පැතිර යන කුහුඹු විශේෂයක් නිසා සෞඛ්‍ය අවදානමක්

2
0

සීඝ්‍රයෙන් පැතිර යන කුහුඹු විශේෂයක් හේතුවෙන් විශාල සෞඛ්‍ය අවදානමක් පවතින බව ඕස්ට්‍රේලියාවේ ජාතික අසාත්මිකතා ආයතනය පවසයි.

ෆයර් ඈන්ට්ස් (Fire Ants) නමින් හඳුන්වන මෙම කුහුඹුවන් දෂ්ට කිරීමෙන් දරුණු අසාත්මිකතා ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

මෙම කුහුඹුවන් සඳහා වඩාත් පුලුල් සහ ක්ෂණික තුරන් කිරීමේ වැඩසටහනක් ජාතික අසාත්මිකතා ආයතන විසින් ඉල්ලා සිටින අතර, ඔස්ට්‍රේලියාවේ පැතිර ගිය හොත් එම කුහුඹු දෂ්ඨනයෙන් 174,000කට පමණ දැඩි අසාත්මිකතා ඇති විය හැකි බවට පැවසේ.

මෙම කුහුඹුවන් පිළිබඳ සෙනෙට් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන අතර අද සහ හෙට බ්‍රිස්බේන් සහ නිව්කාසල් හි මහජන අදහස් ලබා ගැනීමට ද නියමිතයෙ.

එමඟින් සෞඛ්‍ය, සමාජ බලපෑම්, කෘෂිකර්මාන්තය, යටිතල පහසුකම් සහ පරිසරය තුළ පැතිර යාම පාලනයට අපේක්ෂිත පිරිවැය සහ බලපෑම් පරීක්ෂා කෙරෙනු ඇත.

උතුරු නිව් සවුත් වේල්ස් හි මෑතකදී සොයා ගන්නා ලද මෙම කුහුඹුවන් 2032 වන විට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් තුරන් කිරීමේ වැඩසටහනක් සඳහා ඩොලර් බිලියන 1ක් පමණ වැය කර තිබේ.

ජාතික අසාත්මිකතා මධ්‍යස්ථානයේ කෘමි අසාත්මිකතා පර්යේෂක මහාචාර්ය ෂෙරිල් වැන් නූනන් පැවසුවේ සීඝ්‍ර ව්‍යාප්තිය දිගටම පැවතුනහොත් එය බරපතල සෞඛ්‍ය අවදානම්වලට තුඩු දිය හැකි බවයි.

මෙම කුහුඹුවන්ට ආවේණික ප්‍රදේශවල ජීවත් වන මිනිසුන්ගෙන් තුනෙන් එකක් පමණ සෑම වසරකම දෂ්ට කිරීමට ලක්වන බවට හෙළිවී ඇති අතර මී මැස්සන් වැනි අනෙකුත් දෂ්ට කරන කෘමීන්ට වඩා අසාත්මිකතා තුන් ගුණයකින් වැඩි බව සඳහන්වේ.

 

මූලාශ්‍ර උපුටා ගැනීම – AUS ලංකා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here