Home World News Room : චීනයේ ශෙන්චෞ 17 ගගනගාමීන්ගේ දෙවැනි බාහිර මෙහෙයුම සාර්ථක යි

News Room : චීනයේ ශෙන්චෞ 17 ගගනගාමීන්ගේ දෙවැනි බාහිර මෙහෙයුම සාර්ථක යි

2
0

චීනයේ ශෙන්චෞ 17 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු තිදෙනා යානයෙන් බැහැර දෙවැනි මෙහෙයුම සාර්ථකව අවසන් කරති.

පැය 8 ක් පුරා බාහිර මෙහෙයුම්වල නිරත වූ, ටං හොංබාඕ, ටං ශෙන්ජියෙ සහ ජියැං ශිංලිං යන ගගනගාමීන් තිදෙනා පසුගිය (02) පස්වරු 1.32 ට නියමිත ඉලක්ක සපුරා, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අනුබද්ධ වෙන්ටියැන් රසායනාගාර මොඩියුලය වෙත ආපසු පැමිණ තිබේ.

ටියැන්හ ප්‍රධාන මොඩියුලයට අදාළ සූර්ය බලශක්ති පැනලවල නඩත්තු කටයුතු සිදුකිරීම මෙවර බාහිර මෙහෙයුම විය. චීන ගගනගාමීන් කක්ෂගත අභ්‍යවකාශ යානයට අනුබද්ධ බාහිර පහසුකම් නඩත්තු කිරීමේ මෙහෙයුමක් සම්පූර්ණ කළ පළමුවැනි අවස්ථාව මෙයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here