16
ගාසා තීරයේ සහනාධාර බෙදා හැරීමට පැමිණි ට්‍රක් රථ අසල පොදිගැසී සිටි පලස්තීන ජනතාව ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ගාසා තීරයට ගුවනින් ආහාර මලු දැමීමට අමෙරිකාව පළමුවරට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පලස්තීන වැසියන් වැඩිදෙනකු මිය ගොස් ඇත්තේ යුද ටැංකි භාවිත කරමින් ඊශ්‍රායල හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් සහ ඉන් කලබලයට පත්ව දිවයෑමට උත්සාහ කිරීමේදී ඇති වූ තෙරපීමෙන් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ජොර්දාන ගුවන් හමුදාවේ ද සහාය ඇතිව පෙරේදා අමෙරිකානු හමුදාව ආහාර මලු 38,000කින් සමන්විත පළමු ආහාර තොගය ගාසා තීරයට හෙළූ බව වාර්තා වන අතර, එය සිදුකරනු ලැබුවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ උපදෙස් අනුව බවත් වාර්තා වේ. ඊශ්‍රායල හමුදාව එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ගාසා තීරයට තවත් සති හයක සටන් විරාමයක් සඳහා අමෙරිකාව ඇතුළු රටවල් රැසක් ඉදිරිපත් කළ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරමින් බවත්,. හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එකඟතාව පළ කරන්නේ නම් සටන් විරාමය වහාම ක්‍රියාත්මක කරන බවටත් අමෙරිකාව තනි තීරණයක් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.