Home Sport News Room : වසර 3කට පසු දික්වැ­ල්ලට පින පෑදේ

News Room : වසර 3කට පසු දික්වැ­ල්ලට පින පෑදේ

0
0

ශ්‍රී ලංකා වමත් පිති­කරු කුසල් ජනිත් පෙරේරා අස­නී­ප­වීම හේතු­වෙන් නිරෝ­ෂන් දික්වැල්ල සංචි­ත­යට එක්වීම සඳහා ඊයේ (1) බංග්ලා­දේ­ශය බලා පිටත්ව ගියේය. බංග්ලා­දේ­ශ­යට එරෙහි විස්සයි20 තර­ගා­ව­ලිය සඳහා නම් කළ කුසල් ජනිත් උණ රෝග­යෙන් පෙළීම හේතු­වෙන් ශ්‍රී ලංකා සංචි­ත­යෙන් ඉවත් කිරී­මට තේරීම් කමි­ටුව පිය­වර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලා­දේ­ශය අතර තරග තුන­කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලිය මාර්තු 4 වැනිදා සියෙ­ල්හෙ­ට්හිදී ආර­ම්භ­වී­මට නිය­මි­තය. නිරෝ­ෂන් දික්වැල්ල අව­සන් වරට ශ්‍රී ලංකාව වෙනු­වෙන් විස්සයි20 තර­ග­ය­කට ක්‍රීඩා කළේ මෙයට වසර 3කට පමණ පෙර 2021දී එංග­ල­න්ත­යට එරෙ­හි­වය.

මේ දින­වල ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කරන මෙරට ප්‍රධා­න­තම දේශීය එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය වන නැෂ­නල් සුපර් ලීග් (NSL) තර­ගා­ව­ලි­යේදී මහ­නු­වර පිල නියෝ­ජ­නය කරන දික්වැල්ල පිට පිට අර්ධ ශතක 2ක් ලබා අව­ධා­න­යට ලක්ව සිටින අතර, පෙරේදා පැවති තර­ග­යේදී පන්දු 23කදී ලකුණු 50ක් වාර්තා කළේය.

සංචා­රක ශ්‍රී ලංකාව හා බංග්ලා­දේ­ශය අතර විස්සයි20 තරග 3ක් එක්දින තරග 3ක් හා ටෙස්ට් තර­ග­යක් පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත.

ප්‍රින්ස් ගුණ­සේ­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here