හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවට ලක්ව සිටි පුද්ගලයකුගේ පෙණහලුවල සිරවී සිටි කැරපොත්තකු වෛද්‍යවරු විසින් පිටතට ගනු ලැබීමේ අසාමාන්‍ය සිදු වීමක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ. කේරළ ප්‍රාන්තයේ කොචි නුවර අම්රිතා රෝහලට ඇතුළත් කළ 55 හැවිරිදි රෝගියා හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවයෙන් පෙළුණු බවත්, ස්කෑන් පරික්ෂණයකින් පසු ඔහුගේ පෙණහලුවල සෙන්ටිමීටර් 4ක් දිග කැරපොත්තකු සිටි බවට හෙළි වූ බවත් රෝහලේ වෛද්‍ය ප්‍රධානි ටින්කු ජෝසෙප් ප්‍රකාශ කර තිබේ. පසුව පැය අටක සැත්කමකින් කැරපොත්තා පිටතට ගැනීමට වෛද්‍යවරු සමත් වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.
එම රෝගියා මීට පෙර ගෙල තුළින් පෙණහලුවලට නාළයක් සවි කිරීමේ සැත්කමකට භාජනය වූ රෝගියකු බව අනාවරණය වී ඇතැයි ද, කැරපොත්තා ඔහුගේ පෙණහලු තුළට ගොස් ඇත්තේ එම නාළය ඔස්සේ බවට වෛද්‍යවරු අනුමාන කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. කැරපොත්තා ඉවත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලැබූ රෝගියා රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත.
The post කේරළයේ මිනිසකුගේ පෙණහැල්ලේ කැරපොත්තෙක් appeared first on දිනමිණ.