Home World News Room : හිටපු මන්ත්‍රීවරයෙක් විදෙස් රටකට ඔත්තු සපයලා – දිනමිණ

News Room : හිටපු මන්ත්‍රීවරයෙක් විදෙස් රටකට ඔත්තු සපයලා – දිනමිණ

4
0

ඔස්ට්‍රේලියාවේ හිටපු මන්ත්‍රීවරයකු විදේශීය රටකට ඔත්තු සැපයූ බවට එරට බුද්ධි අංශ ප්‍රධානි චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම දේශපාලනඥයා විදේශීය ඔත්තු ජාලයකට රට විකිණූ බව පසුගියදා ඔස්ට්‍රේලියානු බුද්ධි අංශයේ ප්‍රධානි මයික් බර්ගෙස් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඔහු එම දේශපාලනඥයාගේ නම හෙළි කර නැති අතර, අදාළ මන්ත්‍රීවරයා වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ පුද්ගලයකු බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඔස්ට්‍රේලියාව ප්‍රධාන ප්‍රතිවාදියකු ලෙස සැලකෙන විදෙස් රටක් ඊට සම්බන්ධ බවත්, හිටපු මන්ත්‍රීවරයා එරට ඔත්තු සේවයට සැලකිය යුතු ආකාරයේ ඔත්තු තොගයක් සපයා ඇති බවත් ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එම ඔත්තු සේවයේ අවශ්‍යතාව මත ඔස්ට්‍රේලියානු ජනතාව, සිසුන්, වෘත්තිකවේදීන්, දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, නීතිවේදීන් සහ රජයේ සේවකයන් වෙත ඩොලර් දහස් ගණනක මුදල් ගෙවා එරට වෙළෙඳ, දේශපාලන, විදේශීය ප්‍රතිපත්ති හා ආරක්ෂක තොරතුරු ඇතුළු වටිනා කරුණු රැසක් ලබා ගැනීමට එම දේශපාලනඥයා කටයුතු කර ඇතැයි ද බුද්ධි ප්‍රධානියා සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here