Home World News Room : බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් – 43ක් මරුට

News Room : බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් – 43ක් මරුට

2
0

බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

අදාළ ගොඩනැගිල්ලේ පිහිටි අවන්හලක මුලින්ම මෙම ගින්න ඊයේ(29) රාත්‍රියේ දී හටගෙන ඇත.

පුද්ගලයන් 75දෙනෙකු පමණ දුම් ආග්‍රහනය වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මහල් හතකින් යුතු මෙම ගොඩනැගිල්ලේ ගින්න පැය දෙකක පමණ කාලයකින් පසු පාලනය කිරීමට හැකිවූ බව ගිනි නිවන නිලධාරීන් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here