Home World News Room : ටෙක්සාස් ප්‍රාන්තයේ පොකුරු ළැව් ගින්නෙන් අක්කර මිලියනයක් අළු වෙයි

News Room : ටෙක්සාස් ප්‍රාන්තයේ පොකුරු ළැව් ගින්නෙන් අක්කර මිලියනයක් අළු වෙයි

1
0

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හටගත් පොකුරු ළැව් ගින්නක් හේතුවෙන් එම ප්‍රාන්තයේ කුඩා නගර රැසක් පිහිටි අක්කර මිලියනයකට අධික භූමි ප්‍රමාණයක් අළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කුඩා නගර පමණක් නොව ගව රංචු විශාල ප්‍රමාණයක් ද ළැව් ගින්නට බිලි වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම පළාතේ විවිධ පළාත්වල ළැව් ගිනි 23ක් පැතිරී ගොස් ඇති අතර, පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්වී ඇතැයි ද වාර්තා වේ. ඔවුන් ළැව් ගින්නට හසුවූ බවට බලධාරීන් අනුමාන කර ඇත.කෙසේ වෙතත් ගිනි නිවන ඒකක සහ මෙහෙයුම් කණ්ඩායම් මෙතෙක් අතුරුදන් වූ හෝ ගින්නට හසු වූ පුද්ගලයන් පිළිබඳ පූර්ණ සොයා බැලීමක් සිදු කර නැති බව ද වාර්තා වේ.

එමෙන්ම ගින්නට හසු වූ නිවාස හා වාහන සංඛ්‍යාව ද මෙතෙක් ගණනය කර නැති අතර, කුඩා නගර රැසක් ගින්නට හසු වූ බවට වාර්තා වී තිබේ. ටෙක්සාස් ළැව් ගිනි ඉතිහාසයේ විශාලතම ළැව් ගින්න මෙය බව එරට මාධ්‍ය වාර්තා කළ අතර, මීට පෙර ටෙක්සාස් ප්‍රාන්තයේ විශාලතම ළැව් ගින්න හටගෙන ඇත්තේ 2006 වසරේදි බව ද වාර්තා වේ.

The post ටෙක්සාස් ප්‍රාන්තයේ පොකුරු ළැව් ගින්නෙන් අක්කර මිලියනයක් අළු වෙයි appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here