11
ගාසා තීරයේ යුද ගැටුමෙන් උද්ගත වූ ආහාර හා ජල හිඟය හේතුවෙන් දරුවන් 6 දෙනකු විජලනය සහ මන්දපෝෂණයෙන් ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තවත් දරුවන් 7 දෙනකුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ. ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රමාණවත් මානුෂීය ආධාර නොලැබීම මත මේ ඉරණමට මුහුණදීමට සිදු වී ඇති බවය.
ගාසා තීරයේ අල් ෂිෆා රෝහලේ දරුවන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ද, උතුරු ගාසා තීරයේ කමල් අද්වාන් රෝහලේ දරුවන් සිවුදෙනකු මිය ගොස් ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
‘ගාසා තීරයේ මානුෂිය ව්‍යසනය වැළැක්වීමට වහාම මැදිහත් වන ලෙස අපි ජාත්‍යන්තර ආයතන හා සංවිධානවලින් ඉල්ලා සිටිනවා යැයි නිවේදනයක් නිකුත් කරමින් ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.