අනූව දශකයේ මුල් භාගයේදී එවකට අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බිල් ක්ලින්ටන් සමඟ අනියම් ඇසුරක පැටලීමෙන් ආන්දෝලනයට තුඩුදුන් ධවල මන්දිරයේ කාර්යමණ්ඩලයේ මොනිකා ලෙවින්ස්කි යළි ජාත්‍යන්තර අවධානයට ලක් වී ඇතැයි වාර්තා වේ. මේ වන විට 50 හැවිරිදි වියෙහි පසුවන මොනිකා පසුගියදා ලොස් ඇන්ජලිස් නුවර කේන්ද්‍ර කරගත් ඇඟලුම් සමාගමක සන්නාම ප්‍රවර්ධනය සඳහා මෝස්තර නිරූපණයෙන් එක් වූ බව වාර්තා වේ. කාන්තා බලගැන්වීම තේමා කරමින් සංවිධානය කළ එම මෝස්තර නිරූපණ ප්‍රදර්ශනයට මොනිකා ලෙවින්ස්කි එක් කර ගැනීමට එම සමාගම තීරණය කර ඇත්තේ බිල් ක්ලින්ටන්ගේ සිදුවීම හේතුවෙන් බව ද වාර්තා වේ. =මැතිවරණ ප්රචාරක අංගයක් ලෙසත් පැවැති එම මෝස්තර නිරූපණ ප්‍රදර්ශනයේදී ඇය සඳහන් කර ඇත්තේ රටේ ප්රජාතන්ත්රවාදයට සහ බලයට ඡන්දය තීරණාත්මක බවය. එරට කාන්තා බලගැන්වීම අමෙරිකාවේ මැතිවරණ සඳහා බලපෑම් එල්ල කිරීමේ තීරණාත්මක සාධකයක් බවට පත් කිරීම ද එහි තවත් අරමුණක් බව වාර්තා වේ.
The post කාන්තා බලගැන්වීම ප්‍රවර්ධනය කිරීමට මොනිකා ලෙව්න්ස්කි මෝස්තර නිරූපණයේ appeared first on දිනමිණ.