22
පාකිස්තාන මහමැතිවරණයේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණයක් පවත්වනතුරු ඩොලර් බිලියන 3ක ණය මුදල් නිදහස් නොකරන ලෙස ඉල්ලා හිටපු අගමැති ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ පාකිස්තාන ටෙහ්රිකි ඉන්සාෆ් පක්ෂයේ නියෝජිත අලි සෆාර් රාවල්පිණ්ඩි බන්ධනාගාරයේදී ඉම්රාන් ඛාන් මුණ ගැසීමෙන් පසු මේ බව මාධ්‍යයට ප්‍රකාශ කර ඇති අතර, මැතිවරණ දූෂණය සම්බන්ධව ස්වාධීන විගණනයක් සිදු කරන ලෙසත් සිය නායකයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා ඇති බවය.
මැතිවරණය පැවැති පෙබරවාරි 8 වැනිදා රාත්‍රිය වන විට පරාජයට පත්ව සිටි අපේක්ෂකයන් රැසක් පසුදින අලුයම වනවිට ජයග්‍රාහකයන් බවට පත්වීම පුදුම සහගත බවත්, මෙවැනි මැතිවරණ දූෂණවලින් රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කළ නොහැකි බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එබැවින් ණය මුදල නිදහස් කිරීමට පෙර පාකිස්තානයේ මැතිවරණ දූෂණය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉම්රාන් ඛාන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් එම ඉල්ලීම කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.