Home World News Room : දෙවැනි ලෝක යුද්ධ­යෙන් පසු පළ­මු­ව­රට ජපා­නයේ විවාහ ලක්ෂ 5කින්...

News Room : දෙවැනි ලෝක යුද්ධ­යෙන් පසු පළ­මු­ව­රට ජපා­නයේ විවාහ ලක්ෂ 5කින් අඩු­වෙයි

2
0

ජන­ග­හ­ණය  අඩු විමේ බර­ප­තළ අර්බු­ද­ය­කට මැදි වී සිටින ජපා­නයේ විවාහ සංඛ්‍යාව පසු­ගිය  වස­රේදී 4,89,281කින් පහත වැටී ඇතැයි එරට රජයේ සංඛ්‍යා­ලේ­ඛන වාර්තා­වෙන්  අනා­ව­ර­ණය වූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. එය 5.9% ක අග­යක් පෙන්නුම් කරන  බවත්, එවැනි අඩු විවාහ සංඛ්‍යා­වක් වාර්තා වී ඇත්තේ දෙවැනි ලෝක මහා  යුද්ධ­යෙන් පසු පළ­මු­ව­රට බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

මීට  අම­ත­රව ජපා­නයේ දරු උපත් අනු­පා­තය ද 5.1% කින් පහත වැටී ඇති අතර, පසු­ගිය  වස­රේදී එරට දරු උපත් සංඛ්‍යාව 7,58,631කින් පහත වැටී ඇතැයි ජපාන රජයේ  දත්ත­ව­ලින් පෙන්නුම් කෙරෙන බව වාර්තා වේ.

ජපා­නයේ ජන­ග­හ­ණය 2021 දී මිලි­යන 125.7ක් වූ බවත්, එය 2035 වන විට මිලි­යන 87 දක්වා 30% කින් පහළ වැටෙනු ඇතැයි අනා­වැකි පළ වී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here