Home World News Room : දුම්රිය සේව­යක් නැති ඉන්දි­යාවේ එකම ප්‍රාන්තයේ පළමු දුම්රිය ස්ථානයේ...

News Room : දුම්රිය සේව­යක් නැති ඉන්දි­යාවේ එකම ප්‍රාන්තයේ පළමු දුම්රිය ස්ථානයේ වැඩ අර­ඹයි

2
0

ඉන්දි­යාවේ  දුම්රිය සේවාව ක්‍රියා­ත්මක නොවන එකම ප්‍රාන්තය වන සිකිම් ප්‍රාන්තයේ වසර  49ක ඉති­හා­සයේ පළමු දුම්රිය ස්ථානයේ වැඩ කට­යුතු ආරම්භ කර ඇතැයි එරට  මාධ්‍ය වාර්තා කළේය. ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි පසු­ගි­යදා නව දුම්රිය  ස්ථානයේ මුල්ගල තැබූ බවත්, එය ඉන්දීය මුද­ලින් රුපි­යල් කෝටි 41,000ක් වටිනා  එරට දුම්රිය යටි­තල පහ­සු­කම් නඟා සිටු­වීමේ ව්‍යාපෘති 2000ක් යටතේ ක්‍රියා­ත්මක  වන බවත් ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එය උතුරු ඉන්දි­යාවේ  භූතාන දේශ­සී­මාව ආස­න්නයේ පිහිටි සිකිම් ප්‍රාන්තයේ සිවොක් සහ රන්ග්පෝ පළාත්  අතර අදි­යර තුන­කින් සම­න්විත දුම්රිය මාර්ග ව්‍යාපෘ­ති­යට අයත් වන අතර,   කිලෝ­මී­ටර් 45ක දුර­කින් සම­න්විත බවත් වාර්තා වේ.  රන්ග්පෝ දුම්රිය ස්ථානය  ඉදිකිරී­මෙන් පසු බට­හිර බෙංගා­ලය සහ සිකිම් ප්‍රාන්තය අතර ගම­නා­ග­ම­නය පැය  කිහි­ප­ය­කින් අඩු වනු ඇතැයි ද වාර්තා වේ. එම දුම්රිය මාර්ග­යට දුම්රිය ස්ථාන  5ක්, පාලම් 22ක් සහ උමං මාර්ග 14ක්  ඇතු­ළත් වන බවත්, බෙංගා­ලයේ ටීස්ටා බසාර්  පළාතේ දිගම උමං දුම්රිය ස්ථානය ද ඉදි­වන බවත් ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත්  වාර්තා කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here