Home World News Room : දකුණු කොරි­යාවේ වෛද්‍ය අර්බු­දය මැද රෝගී කාන්තා­වක් ප්‍රති­කාර නොලබා...

News Room : දකුණු කොරි­යාවේ වෛද්‍ය අර්බු­දය මැද රෝගී කාන්තා­වක් ප්‍රති­කාර නොලබා මිය යයි

1
0

ලබන  වසරේ සිට වෛද්‍ය විද්‍යාල සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව දෙද­හ­ස­කින්   වැඩි කිරී­මට රජය ගත් තීර­ණ­යට එරෙ­හිව දකුණු කොරි­යාවේ කනිෂ්ඨ වෛද්‍ය­වරුන්  සේව­යෙන් ඉව­ත්වීම සහ වැඩ වර්ජ­නය අත­ර­තුර රෝගී කාන්තා­වක් මිය යෑම සම්බ­න්ධව එරට  රජය විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෛද්‍ය­ව­රුන්ගේ  ගැට­ලුව හේතු­වෙන් රෝගී කාන්තාව රැගත් ගිලන් රථ­යට ඇතු­ළු­වී­මට එරට රෝහල්  කිහි­ප­යක් අව­සර නොදුන් බවත්, වයස අසූ­ග­ණ­න්වල පසු­වන එම කාන්තා­වගේ රෝගී තත්ත්වය  අසාධ්‍ය වීමෙන් ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි මූලික විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වූ බව ද  වාර්තා වේ.

කනිෂ්ඨ වෛද්‍ය­වරු 9,000කට ආසන්න සංඛ්‍යා­වක් සේව­යෙන්  ඉව­ත්වීම හෝ වැඩ වර්ජ­නයේ නිරත වීම නිසා එරට ගැබිනි මවු­ව­රුන්ගේ සීසේ­රි­යන්  සැත්කම් අව­ලංගු කිරී­ම­ටත්, පිළිකා රෝගීන්ගේ ප්‍රති­කාර කල් දැමී­ම­ටත් රෝහල්  බල­ධා­රීන්ට සිදු වී තිබූ අතර,  එරට පුහුණු වෛද්‍ය­ව­රු­න්ගෙන් 71%ක් මේ වන­විට  සේව­යෙන් ඉවත්ව සිටී­මෙන් තත්ත්වය බර­ප­තළ වී ඇතැයි වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here