ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවල මෑත ඉතිහාසයේ දරුණුතම ළැව් ගිනි පැතිරීමේ අවදානමකට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උෂ්ණාධික දේශගුණයත් සමඟ පැතිරී යන ළැව් ගිනි හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාව ඉවත් කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වික්ටෝරියා ප්‍රාන්තයේ තිස්දහසකට අධික පිරිසකට සිය නිවාසවලින් ඉවත්වන ලෙස බලධාරීන් නියෝග කර ඇති අතර, උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි අගයක් ගැනීම සහ අධික සුළං සහිත තත්ත්වය හේතුවෙන් ළැව් ගිනි පාලනය කිරීම දුෂ්කර වී ඇතැයි ද වාර්තා වේ.
The post ඔස්ට්‍රේලියාවේ ළැව් ගිනි පැතිරෙයි appeared first on දිනමිණ.