Home World News Room : ගාසා යුද ගැටුමට සටන් විරාමයක අපේක්‍ෂාවක්

News Room : ගාසා යුද ගැටුමට සටන් විරාමයක අපේක්‍ෂාවක්

2
0

ලබන සඳුදා වන විට ඊශ්‍රායල-ගාසා යුද වාතාවරණය සඳහා සටන් විරාමයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ජනාධිපති ජෝ බයිඩ්න් සදහන් කරයි.

කටාර් හිදී ඊශ්‍රායලය සහ හමාස් නියෝජිතයන් සම්බන්ධ කරගෙන පවතින සාකච්ඡාවල යම් ප්‍රගතියක් අත්කරගෙන ඇති බවට වාර්තා වන අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින කිහිපය තුළ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදාහැරීමේ සාකච්ඡාවල “ප්‍රගතියක්” තිබෙන නමුත් හමාස් සංවිධානය නවතම යෝජිත ගිවිසුම පිළිගන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here