Home World News Room : පාකිස්තාන ජනාධිපතිවරණය මාර්තු 9දා හිටපු ජනපති යළි පත්වන ලකුණු

News Room : පාකිස්තාන ජනාධිපතිවරණය මාර්තු 9දා හිටපු ජනපති යළි පත්වන ලකුණු

0
0

මහ මැතිවරණයේදි සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ මෙතෙක් කිසිදු විසඳුමක් ගෙන නැති පසුබිමක පාකිස්තානයේ ජනාධිපතිවරණය ලබන මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට එරට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට පාර්ලිමේන්තුව සහ ප්‍රාන්ත රාජ්‍යයන් ජනාධිපතිවරණයට දින දෙකකට පෙර විසුරුවා හරිනු ඇතැයි ද, ජනාධිපති පත් කරනු ලබන්නේ නව රජය පත්වීමෙන් පසුව බව ද වැඩිදුරටත් වාර්තා වේ. නව ජනාධිපතිවරයා තෝරා පත් කරගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත රාජ්‍යයන් හි මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි.

පසුගිය මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයක් බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට අසමත් වීමෙන් පසු නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන මුස්ලිම් ලීගය සහ බිල්වාල් භූතෝගේ පාකිස්තාන මහජන පක්ෂය ඒකාබද්ධව හවුල් රජයක් පිහිටුවීමට එකඟතාවට පැමිණ ඇති අතර, නව රජයේ ජනාධිපතිවරයා ලෙස බිල්වාල් භූතෝගේ පියා වන හිටපු ජනාධිපති අසිෆ් අලි සර්දාරිගේ නම දැනටමත් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here