Home World News Room : අයිඑස් කල්ලියට බැඳීමට සිරියාවට පලා ගිය බ්‍රිතාන්‍ය තරුණියට පුරවැසිභාවය...

News Room : අයිඑස් කල්ලියට බැඳීමට සිරියාවට පලා ගිය බ්‍රිතාන්‍ය තරුණියට පුරවැසිභාවය යළි නොදෙයි

0
0

අයිඑස් ත්‍රස්ත සංවිධානයට එක්වීම සඳහා මීට වසර 9කට පෙර සිරියාවට පලා ගිය බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට නැවත එහි පුරවැසිභාවය ලබාදීම ප්‍රතික්ෂේප වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බංග්ලාදේශ සම්භවයක් සහිත ෂමීමා බේගම් නමැති එම තරුණිය 15 හැවිරිදි වියේදී අයිඑස් ත්‍රස්ත සංවිධානයට එක්වූ අතර, ඊට වසර 4කට පසු ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඇගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය අධිකරණයක් තීන්දු කර තිබිණි.

ලන්ඩන් නුවරින් සිරියාවට පලා ගිය ෂමීමා බේගම් එහි සිට නැවත බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අයැදුම් කිරීම සම්බන්ධ ඉල්ලීම පසුගියදා බ්‍රිතාන්‍ය අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අතර, ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත්තේ ඇය තවදුරටත් සිරියාවේ රැඳී සිටිය යුතු බවය. පුරවැසිභාවය අහිමි කිරීම සම්බන්ධව ඇගේ නීතිඥවරු බ්‍රිතාන්‍ය ස්වදේශී කටයුතු කාර්යාලය දැඩි විවේචනයට ලක් කර ඇති අතර, ඇය නැවත යහපත් පුරවැසියකු ලෙස සමාජයට මුදා හැරීමේ වගකීම පැහැර හැරීමට කටයුතු කර ඇතැයි චෝදනා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here