Home World News Room : අමෙරිකාවෙන් රුසියාවට නව සම්බාධක 500ක්

News Room : අමෙරිකාවෙන් රුසියාවට නව සම්බාධක 500ක්

0
0

යුක්රේනය ආක්‍රමණය කිරීම සහ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක 500කට වැඩි ප්‍රමාණයක් අමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාවේ ප්‍රධාන කාඩ් පත් ගෙවීම් ක්‍රමය, මූල්‍ය හා හමුදා ආයතන සහ නවාල්නි සිරගත කළ බන්ධනාගාර නිලධාරීන් නව සම්බාධකවලට ලක් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය සතියේ බන්ධනාගාරයේදී රුසියානු විපක්ෂ නායක හදිසියේම මිය යෑමත් සමඟ රුසියාවට නව සම්බාධක පැනවීමට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගත් බවත්, නව සම්බාධක යටතේ අපනයන සීමා කිරීම්වලට මුහුණ දෙන සමාගම් සහ එහි නිලධාරින් 100කට ආසන්න සංඛ්‍යාවක් ලැයිස්තුගත කළ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

අමෙරිකාවේ නව සම්බාධක හේතුවෙන් රුසියාව සහ ඉරානය අතර ඇති ආරක්ෂක ගිවිසුම්, බලශක්ති දියුණු කිරීමේ සැලසුම් සහ ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් වන එකඟතා සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here