19
විද්‍යාඥයන්ගෙන් සමන්විත කණ්ඩායමක් විසින් පසුගියදා ඇමසන් වැසි වනාන්තරයෙන් සොයා ගනු ලැබූ ඇනකොන්ඩා වර්ගයට අයත් සර්ප විශේෂය ලොව විශාලතම සර්ප විශේෂය බවට අනුමාන කර ඇතැයි විදෙස් මාධ්‍ය
වාර්තා කළේය. එම කණ්ඩායමේ මහාචාර්යවරයකු වන ෆ්රීක් වොන්ක් පටිගත කළ වීඩියෝවට අනුව එම ළාකොළ පැහැති සර්පයා අඩි 26ක් දිගැති, කිලෝග්‍රෑම් 200ක් බරැති යෝධ ඇනකොන්ඩා වර්ගයකට අයත් බව සඳහන් වේ.
‘මෝටර් රථයක ටයරයකට සමාන පළලකින් යුතු එම ඇනකොන්ඩා සර්පයාගේ හිස මිනිස් හිසක ප්‍රමාණයකට සමාන බවත් මෙවැනි විශාල සර්පයකු ගැන මීට පෙර සඳහන් වූයේ පුරාවෘත්තයෙහි පමණක් බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.