17
චීනයේ මානව හිමිකම් උල්ලංඝනය වීමට අදාළව අමෙරිකාවේ මන්ත්‍රී මණ්ඩලය පනත් තුනක් සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආසියා පැසිෆික් සහයෝගිතාව සම්බන්ධයෙන් එම පනත් සම්මත කර ඇත්තේ චීනයේ උයිගර් ජනතාව ආරක්ෂා කිරීමට සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක් පනතක් ද, ටිබෙට් දේශය පිළිබඳ චීනය සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට එරෙහිව තවත් පනතක් ද, උයිගර් අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උයිගර් ගැටලු සම්බන්ධිකාරවරයකු පත්කිරීමට තවත් පනතක් ද වශයෙන් එම පනත් සම්මත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
චීනයේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධව ආසියා පැසිෆික් සහයෝගිතාව හා ඒකාබද්ධව කටයුතු කිරීමට අමෙරිකාව තීරණය කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.
උයිගර් සුළුතර ජනතාව පදිංචිව සිටින ෂිංජියැන් කලාපය ජන සංහාරයක් සිදුවන කලාපයක් ලෙස අමෙරිකාව විසින් ලේබල්ගත කර ඇතැයි ද, එම පළාතේ මානුෂිකත්වයට එරෙහි අපරාධ සිදු වූ බවට විශ්වාස කළ හැකි සාක්ෂි ලැබී ඇතැයි වසර 2022 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කාර්යාලය ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.






