Home World News Room : කොල­රා­වෙන් පීඩා විඳින සැම්බි­යා­වට ඉන්දි­යා­වෙන් මානු­ෂීය ආධාර

News Room : කොල­රා­වෙන් පීඩා විඳින සැම්බි­යා­වට ඉන්දි­යා­වෙන් මානු­ෂීය ආධාර

0
0

කොලරා වසං­ග­තයේ ව්‍යාප්තිය හේතු­වෙන් දැඩි අර්බු­ද­ය­කට මුහුණ පා සිටින සැම්බි­යා­වට ඉන්දි­යා­වෙන් ටොන් 3.5ක සෞඛ්‍ය උප­ක­රණ තොග­යක් යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසු­ගිය වසරේ සිට සැම්බි­යා­වෙන් කොලරා මරණ 600කට වඩා වාර්තා වන අතර, පීඩා­වට පත් ජන­තා­වට බෙදා දීම සඳහා එම සෞඛ්‍ය උප­ක­රණ තොගය යවා ඇතැයි වැඩි­දු­ර­ටත් සඳ­හන් වේ.

ඉන්දීය විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය නිවේ­ද­නය කර ඇත්තේ කොලරා රෝගයේ ව්‍යාප්තිය දරුණු තත්ත්ව­යක පව­තින සැම්බි­යා­වට පසු­ගිය 6 වැනිදා පළමු ආධාර තොග­යත් 10 වැනිදා දෙවැනි ආධාර තොග­යත් යැවී­මට පිය­වර ගත් බවය. ආසන්න වශ­යෙන් ටොන් 3.5ක බර­කින් යුතු දෙවැනි ආධාර තොග­යට ජල පිරි­සුදු කිරීමේ උප­ක­රණ, ක්ලෝරින් පෙති සහ වෙනත් සෞඛ්‍ය ආර­ක්ෂක උප­ක­රණ ඇතු­ළත් බව ද වාර්තා වේ. එම උප­ක­රණ තොගය පසු­ගි­යදා සැම්බි­යාවේ ඉන්දීය මහ­කො­ම­සා­රි­ස්ව­රයා විසින් එරට රජය වෙත බාර කර ඇත. සැම්බි­යාවේ කොලරා වසං­ග­ත­යට එරෙ­හිව කට­යුතු කිරීම සඳහා පසු­ගි­යදා යුරෝපා සංග­මය ද යුරෝ මිලි­ය­න­යක ආධාර තොග­යක් යැවී­මට පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. පසු­ගිය ජන­වාරි 31 වැනිදා වන විට සැම්බි­යාවේ කොලරා රෝගීන් 16, 526 දෙනකු වාර්තා වී තිබූ අතර, මරණ ගණන 4% කින් ඉහළ ගොස් තිබූ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here