Home World News Room : ස්පාඤ්ඤයේ ව්‍යාඝ්‍රා තහනම් පෙති අලෙවි කළ පූජකවරයෙක් අත්අඩංගුවට

News Room : ස්පාඤ්ඤයේ ව්‍යාඝ්‍රා තහනම් පෙති අලෙවි කළ පූජකවරයෙක් අත්අඩංගුවට

0
0

සිය නිවසේ සිට මහ පරිමාණයෙන් ව්‍යාඝ්‍රා ශාරිරීක උත්තේජන පෙති ජාවාරමක නිරත වූ පූජකවරයකු ස්පාඤ්ඤ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නම සඳහන් නොකළ මේ පූජකවරයා සමඟ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රඳවා තැබීමේ නියෝග යටතේ ප්‍රශ්න කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

බටහිර ස්පාඤ්ඤයේ එක්ස්ට්‍රෙමඩුරා කලාපයේ දී අත්අඩංගුවට ගත් පූජකවරයාට අපරාධ චෝදනා යටතේ නඩු පවරා ඇත. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාසයකට අධික කාලයක් පුරා සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස බවත් වාර්තා වේ. අත්අඩංගුවට පත් වූ අනික් පුද්ගලයා පූජකවරයාගේ සමලිංගික සහකරු බව ද අනාවරණය වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. දෙදෙනා සිය නිවෙසේ සිට ගනුදෙනුකරුවන්ට ව්‍යාඝ්‍රා පෙති අලෙවි කළ බව පොලිස් ඔත්තුකරුවන් මගින් සොයා ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here