Home World News Room : කොවිඩ් එන්නත්කරණයට ලක්වූවන්ට දුර්ලභ රෝගාබාධ – දිනමිණ

News Room : කොවිඩ් එන්නත්කරණයට ලක්වූවන්ට දුර්ලභ රෝගාබාධ – දිනමිණ

0
0

කොවිඩ් වයිරසය වැලඳීමෙන් සිදුවිය හැකි ජීවිත අවදානම තුරන් කිරීම සඳහා වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාලිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි විශේෂ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ සඳහා සහාය වන ග්ලෝබල් වැක්සින් ඩේඩා නෙට්වර්ක් ආයතනයේ පර්යේෂකයන් ලොව පුරා රටවල් අටක කොවිඩ් එන්නත්කරණයට ලක් වූ මිලියන 99ක ජනතාව විශ්ලේෂණය කරමින් එම පර්යේෂණ වාර්තාව සකස් කර ඇති බවය. ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනිකා වැනි සමාගම් විසින් නිපදවනු ලැබූ කොවිඩ් එන්නත් ඇතුළත්ව විවිධ කොවිඩ් එන්නත් වර්ග ලබාගත් ජනතාව එම විශ්ලේෂණය සඳහා යොදා ගෙන ඇතැයි ද බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.

එම පර්යේෂණ වාර්තාවට අනුව ස්නායු, රුධිර සහ හෘදය ආශ්‍රිත රෝගී තත්ත්වයන් සුළු වශයෙන් වැඩි විමට කොවිඩ් එන්නත්කරණය හේතු වී ඇත. ඇස්ට්‍රාසෙනිකා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ කොවිඩ් එන්නත්කරණයෙන් මොළයේ රුධිර කැට ගැසීමේ අවදානමක් හඳුනාගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම සමාගමේ නිෂ්පාදිත එන්නත් වර්ගය ලබාගත් පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන ඉතා දුර්ලභ ස්නායු ආබාධයක් වන Guillain-Barre syndrome සහලක්ෂණ වර්ධනය වීමේ අවදානම 2.5 ගුණයකින් වැඩි බව ද හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here