25
ඈත අතීතයේ සිට ශ්‍රිලංකාව හා සෞදි අරාබිය අතර ශක්තිමත් රාජ තාන්ත්‍රික සබඳතා පැවැත්විණි
දෙරටේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ ඉතිහාසය දෙස බලන කළ මෙය වඩාත් තහවුරු වෙයි.
විශේෂයෙන්ම රැකියා අවස්ථා ලබා දීම අධ්‍යාපනය, බලශක්තිය, සෞඛ්‍ය, ජලය, විදුලිය, ප්‍රවාහනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ විවිධ සංවර්ධනයන් සඳහා සෞදි අරාබිය දැවැන්ත දායකත්වයක් ලබා දෙමින් සිටියි.
2019 ජුලි 02 වැනි දින කොළම පිහිටි ශ්‍රී ලංකාවේ සවුදි අරාබි තානාපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා සෞදි අරාබිය දක්වන දායකත්වය දක්වා තිබෙයි.
ඒවා අතර
1- ජල සම්පාදන හා ජලාපවහන පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය: (ඇ ඩො මිලියන 26.64).
2- බලශක්ති සංවර්ධන ව්‍යාපෘතිය: (ඇ ඩො මිලියන 12.83)
3- වයඹ විශ්වවිද්‍යාල සංවර්ධන ව්‍යාපෘතිය: (ඇ ඩො මිලියන 28)
4- සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ඉදිකිරීම් ව්‍යාපෘතිය: (ඇ ඩො මිලියන 50)
5- කොළඹ මහ රෝහලේ ස්නායු රෝග, අපස්මාරය, ඇඳ ස්කෑනර් යනාදිය සඳහා වාට්ටු සහිත විශේෂ ගොඩනැගිල්ලක්: (වර්ග මීටර් මිලියන 32 සිට)
6- කොළඹ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය: (ඇ ඩො මිලියන 14.93)
7- මහාවලි ගංගා (ඊ කලාපය) සංවර්ධන ව්‍යාපෘතිය: (ඇ ඩො මිලියන 22.66)
8- කළුගනයි සංවර්ධන ව්‍යාපෘතිය: (ඇ ඩො මිලියන 46)
9- කළුගග ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය: (ඇ ඩො මිලියන 45 ් සිට)
10- තිරුමාල – මඩකලපුව අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය: (ඇ ඩො මිලියන 10.66)
- පේරාදෙණිය-බදුල්ල-සෙන්ගලඩි අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය: (ඇ ඩො මිලියන 60)
- තවත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක්: (ඇ ඩො මිලියන 60)
මෙම ව්‍යාපෘති ප්‍රධාන වෙයි.
ඉහත ව්‍යාපෘති සියල්ල සඳහා සවුදි අරාබිය අප රටට ඇමරිකානු ඩොලර් මිලියන 408 කට අධික ආධාර මුදලක් කෙටි කාල වකවානුකදී ලබා දී ඇත.
ඊට අමතරව ආගම් වෙනස්කම් නොතකා ලාංකිකයක් ලක්‍ෂ සංඛ්‍යාවකට සවුදි අරාබියේ රැකියා අවස්ථාද ලබා දී ඇත. එමගින් ශ්‍රි ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන දහස් ගණනක් වසරක් පාසා විදේශ විනිමය ලැබෙමින් පවති.
මෙයට අමතරව ශ්‍රී ලංකාවේ බොහෝ ස්වේච්ඡා සංවිධාන සෞදි අරාබියේ ස්වේච්ඡා සංවිධාන හා රජයේ සංවිධාන මෙන් තනි පුද්ගලයන් සමඟ සම්බන්ධ වී ශ්‍රී ලාංකාවට විවිධාකර ආධාර ලබා ගනිමින් සිටියි.
මෙම සංවිධාන විසින් ශ්‍රී ලංකාවට එවන මුදල් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කරන අතර ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සැලකිය යුතු ලෙස ඉටු කරමින්ද සිටියි. තවද ශ්‍රී ලංකා රජයේ බරෙන් කොටසකට උර දෙමින් අප රටේ වැන්දඹුවන් සහ අනාථ දරුවන් රැකබලා ගැනීම, නිවාස සඳහා ජල පහසුකම් ලබා දීම, නිවාස සහ ගම්මාන ඉදි කිරීමට උදව් කිරීම, විදුලිය ලබා ගැනීමට සහය වීම ආපදා අවස්ථාවලදී සහන සැලසීම ආදිය මෙවිට විහේෂයෙන් සඳහන් කළ හැකි සෞදි රජයේ සේවාවන් මධ්‍යස්තව සහ කෘතඥපුර්වකව සිතන ඕනෑම කෙනෙකුට අප රට සවුදි රජයට ණය ගැති බව පෙනී යනු ඇත.
සවුදි අරාබියේ තිබෙන විශ්ව විද්‍යාල ගණනාවක්ම ලංකාවේ සිසුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇත.
ඒ අතර
- මදීනාවේ පිහිටි ඉස්ලාමීය විශ්ව විද්‍යාලය
- රියාද් නගරයේ පිහිටි සාවුද් රජු විශ්ව විද්‍යාලය
- මුහම්මද් බින් සවුද් විශ්ව විද්‍යාලය
- මක්කාවේ පිහිටි උම්මුල් කුර්ආ විශ්ව විද්‍යාලය5. නජ්රාන් විශ්ව විද්‍යාලය
- මදීනාවේ පිහිටි තයිබා විශ්ව විද්‍යාලය
- රියාද් නගරයේ පිහිටි නුරා කුමරිය විශ්ව විද්‍යාලය
සවුදි අරාබි රජය විසින් සම්පූර්ණ ශිෂ්‍යත්වයකට මාසිකව රියාල් 850 ක දීමනාවක් (ශ්‍රී ලංකා රුපියල් 80,000 පමණ) වටිනා වෛද්‍ය සේවා පහසුකම්, නවාතැන්, අඩු මිල ආහාර පාන සහ සෑම වසරකම ගිම්හාන නිවාඩු කාලය තුළ රටට ආපසු යාමට ගුවන් ටිකට්පත් ආදිය ලබා දෙනු ලැබේ්. එසේම සෑම වසරකම පැවැත්වෙන විභාගවලින් පළමු ශේණියෙන් සමත් වන සිසුන්ට රියාල් දහසක (ශ්‍රී ලංකා රුපියල් 95,000) දිරි දීමනාවක්ද ලබා දෙනු ලැබේ. මෙය බී ඒ උපාධිය හදාරන සිසුන් සඳහා වන දීමනාව වන අතර, මෙයට වඩා උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට ලැබෙන දීමනාවල අගය සාපේක්‍ෂව තවත් ඉහළය.
මාද මෙම පහසුකම් සියල්ල ලබමින් සවුදි අරාබියෙහි වසර පහක් නැවතී සිට අධ්‍යාපනය ලැබුවෙක්මි. මෙම අවස්ථාව මට ලබා දුන් අල්ලාහ් දෙවියන්ට මා ස්තූති කරන අතරම එය ලෞකිකව සාක්‍ෂාත් කළ සවුදි රජයටද කෘතඥ වෙමි. අද, පෙබරවාරි 22, 2024, සෞදි පදනම් දිනය සමරන සෞදි අරාබි රාජධානියේ විශේෂ මොහොතක මෙම ස්මාරකය තැබීමට හැකිවීම ගෞරවයක් ලෙස සලකමි.
ලොව විවිධ රටවලට නොමසුරුව විවිධාකාරයෙන් සහය ලබා දෙමින් සිටින සවුදි අරාබියට එහි පාලකයන්ට සහ මුළුමහත් සෞදි ජනවාටම සියලු සැප සම්පත් ලබා දෙන මෙන් අපි දෙවියන්ට ප්‍රාර්ථනා කරමු.
ආචාර්ය .එම්.එච්.එම් අස්හර්